Tamil (Sri Lanka)English (United Kingdom)
මුල් පිටුව සේවා හදිසි අවස්ථාවලදී සහන

හදිසි අවස්ථාවලදී සහන

සුනාමියෙන් සිදු වූ පීඩා වෙනුවෙන් සහන භාණ්ඩ පවත්වා ගෙන යාම සඳහා බඩු ගබඩාවක් 2005 දී සමාජ සේවා අමාත්‍යාංශය යටතේ පිහිටුවන ලදී. මෙය ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය අඛණ්ඩව පවත්වා ගෙන යන අතර හදිසි අවස්ථාවලදී සහන සැලසීම සඳහා අවශ්‍ය කරන වියළි ආහාර, ජලය, නිවාස / කූඩාරම, සනීපාරක්ෂක උපකරණ, සෞඛ්‍ය උපකරණ, මුළුතැන්ගෙයි භාජන, බෝට්ටු ඇන්ජිම සහ ඇඳුම් මෙහි ගබඩා කර තබනු ලැබේ. මීට අමතරව වතුර පොම්ප, වතුර ටැංකි සහ වතුර පිරිසිදු කිරීමේ උපකරණ ආදිය ද ගබඩා කොට තබා නියං ප්‍රදේශවලට බෙදා දෙනු ලැබේ. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මෙම සහන භාණ්ඩ ආපදාවලින් පීඩාවට පත් ප්‍රදේශවලට බෙදා දෙනු ලබන්නේ අදාළ දිස්ත්‍රික් ලේකම්වරයා මාර්ගයෙනි.

එසේ බෙදා දෙනු ලබන භාණ්ඩ :

  • ආහාර
  • ජලය
  • වාසස්ථාන / කූඩාරම්
  • සනීපාරක්ෂක උපකරණ
  • සෞඛ්‍ය උපකරණ
  • වෙනත් දේවල්

හදිසි අවස්ථාවලදී සහන සේවා භාණ්ඩ බෙදාහැරීමේ පත්‍රිකා

 


අවසන් යාවත්කාලීන කිරීම 2012 නොවැම්බර් 05 වෙනි සදුදා, 10:33  

නැවුම් පුවත්

බදුල්ල පූනාගල කබරගල කොටසේ 2023 මාර්තු මස 19 රාත්‍රියේ සිදුවූ නායයම් තත්ත්වය බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පනාගල කබරගල කොටසේ 2023 මාර්තු මස 19 රාත්‍රියේ සිදුවූ නායයම් තත්ත්වය නිසා පවුල් 70ක ... වැඩිදුර කියවීමට
Miss.B.Sheeba represented the 9th international conference on flood management in Japan "River Basin Disaster Resilience and Sustainability by all integrated flood Management in the post-Covid 19 Era" Miss.B.Sheeba represented the 9th int... වැඩිදුර කියවීමට