Tamil (Sri Lanka)English (United Kingdom)
මුල් පිටුව සේවා මුදල් වෙන් කර දීම

මුදල් වෙන් කර දීම

පිසූ ආහාර සහ වියළි සළාක සඳහා මුදල් වෙන් කර දීම

විස්තීර්ණ ආපදාවකදී ප්‍රාදේශීය ලේකම්වරයාට ස්වකීය අභිමතය පරිදි උපරිම වශයෙන් දින තුනක් (03) සඳහා පිසූ ආහාර සපයා දිය හැකිය. මේ කාලය තව දින හතරක් සඳහා දීර්ඝ කිරීම අවශ්‍ය නම් දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතිය ලබාගත යුතුය. මේ කාර්යය සඳහා එක් අයකු සඳහා දිනකට රු. 150/- බැගින් වියදම් දැරිය හැකිය.

වියළි සළාක සපයනු ලබන්නේ අවතැන් වී සිටින පුද්ගලයන්ට තම ආහාර පිසගත හැකි අවස්ථාවලදී ය.පීඩාවට පත්ව සිටිනි අව්‍යාජ පුද්ගලයන් පමණක් හඳුනා ගැනීමට නිසි පියවරවල් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් යෙදිය යුතුය.

එක් සතියක කාලයක් සඳහා වියළි සළාක නිකුත් කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයාට පුළුවන.  මේ කාලය තව දින හතක් සඳහා දීර්ඝ කිරීම අවශ්‍ය නම් දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතිය ලබාගත යුතුය. තවදුරටත් එම කාලය දීර්ඝ කළ යුතු වේ නම් අධ්‍යක්ෂවරයාගේ අනුමතිය ලබාගත යුතුය. වියළි සළාකවල වටිනාකම මුදලින් ගණන් බැලිය යුතු අතර අදාළ වටිනාකමට සරිලන ආහාර ද්‍රව්‍ය සමූපකාර වෙළඳසැල්වලින් ලබා ගත යුතුය.

එක් සතියක වියළි ආහාර ද්‍රව්‍ය:
  • එක් පුද්ගලයකු සඳහා උපරිමය - රු. 385/- යි.
  • සාමාජිකයන් දෙදෙ‍නකු සහිත පවුලක් සඳහා උපරිමය - රු. 490/-
  • සාමාජිකයන් තිදෙනකු සහිත පවුලක් සඳහා උපරිමය රු. 595/- යි.
  • සාමාජිකයන් හතර දෙනකු සහති පවුලක් සඳහා උපරිමය - රු. 700/- යි.
  • සාමාජිකයන් පස්දෙනකු හෝ ඊට වැඩි දෙනකු සහිත පවුලක් සඳහා උපරිමය - රු. 805/- යි.

සම්පූර්ණ සතියේ වියලි සළාකය එකම දිනයේ දී දීම අනවශ්‍යය. ආපදාවේ ස්වභාවය සැලකිල්ලට ගෙන දින 02 ක්, 04ක් හෝ 05 ක් සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම කළ හැකිය.

ඉහළට

පානීය ජලය

පානීය ජලය බෙදා දීම ආරම්භ කළ යුත්තේ පානීය ජලය නැත්තා වූද වෙන ජල මූලාශ්‍රයකින් ජලය ලබාගත නොහැකි වන්නා වූ ද ප්‍රදේශ සඳහා පමණි. එබඳු ප්‍රදේශවල ද ජලය බෙදා හැරීම කළ යුත්තේ නිශ්චිත කාල සටහනකට අනුව ය.

ඉහළට

සුළු වශයෙන් පීඩා ලිහිල් කිරීමේ වැඩ සටහන් - නියං පීඩා ලිහිල් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනකට ඇතිවන නියං බලපෑම් ලිහිල් කිරීම පිණිස වර්ෂා ජලය එක්රැස් කිරීමේ වැඩසටහන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ක්‍රියාත්මක කර තිබේ. මේ සඳහා රුපියල් මිලියන 5.6 ක මුදලක් වෙන් කර ඇති අතර එයින් පවුල් 98කට සෙත සැලසේ, මෙය 2012 දැයට කිරුළ වැඩ සටහන සමග සම්පූර්ණ කොට ක්‍රියාත්මක කර තිබේ.

නියඟයට ගොදුරුව සිටින ගොවීන්ගේ යහපත සඳහා චීන රජය පරිත්‍යාග කළ රුපියල් මිලියන 1.2 ක් වටිනා ජල ඉසීම් පද්ධතියක් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් භාර දී තිබේ. ගොවි සංවිධාන 222කට  මෙයින් ප්‍රතිලාභ හිමිවී ඇති අතර ඒ අය  අම්පාර, රත්නපුර, හම්බන්තොට, පුත්තලම, අනුරාධපුරය, බදුල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රිකක ඇතුල දිවයිනේ දිස්ත්‍රික් 18 ක් අයත් වේ.

ඉහළට

මරණයකදී වන්දි ගෙවීම

කිසියම් ආපදාවක ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගලයකු මිය ගිය විට අදාළ අවමංගල්‍ය වියදම් දැරීමට පවුලේ අයට නොහැකි වන විට මියගිය අයගේ කිට්ටුම ඥාතියාට රු. 15,000/- ක සහනාධාර මුදලක් ගෙවිය හැකිය.

ඉහළට

තුවාල වීම් වෙනුවෙන් වන්දි

ආපදාවකදී සිදුවන තුවාල සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට හැකි වන පරිදි රු. 10,000/- ක උපරිම මුදලක් ගෙවිය හැකිය. අදාළ වෛද්‍ය ප්‍රතිකාර රජයේ රෝහලකින් ලබා ගන්නා විට මෙම ගෙවීම නොකළ යුතුය. බරපතළ ස්වභාවයේ තුවාලවලට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වී ඇති අවස්ථාවලදී පමණක් මෙම මුළු මුදල ගෙවීම යෝග්‍යකර වේ. එයින් බැහැර තුවාල සඳහා, රු. 5000/- දක්වා සීමා කොට මෙම ආධාර ගෙවීම වඩා සුදුසු වේ. ගෙවිය යුතු මුදල තීරණය කළ යුත්තේ වෛද්‍ය වාර්තා සහ බෙහෙත් වට්ටෝරු පදනම් කර ගෙන ය.

ඉහළට

වෙනත් කරුණු

මුහුදේ දී අතුරුදන් වන ධීවරයන්ගේ යැපෙන්නන්ට වියළි ආහාර සළාක

ආපදාවට පත් පවුල් පිළිබඳ විස්තර දිස්ත්‍රික් ලේකම් ගේ නිර්දේශය ද සහිතව අදාළ ප්‍රාදේශීය ලේකම් විසින් ධීවර අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතුය. ධීවර අධ්‍යක්ෂ ජනරාල්ගේ නිර්දේශය සහිතව එම ඉල්ලීම් ලැබුණු විට අධ්‍යක්ෂ විසින් දිස්ත්‍රික් ලේකම් වෙන මුදල් වෙන් කර දෙනු ලැබේ. ආපදාවට පත් ධීවර පවුලකට තුන් මාසයක කාලයක් සඳහා වියළි ආහාර සළාක දෙනු ලැබේ.

ආපදාවට පත් පවුල් පිළිබඳ විස්තර දිස්ත්‍රික් ලේකම් ගේ නිර්දේශය ද සහිතව අදාළ ප්‍රාදේශීය ලේකම් විසින් ධීවර අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතුය. ධීවර අධ්‍යක්ෂ ජනරාල්ගේ නිර්දේශය සහිතව එම ඉල්ලීම් ලැබුණු විට අධ්‍යක්ෂ විසින් දිස්ත්‍රික් ලේකම් වෙත මුදල් වෙන් කර දෙනු ලැබේ. ආපදාවට පත් ධීවර පවුලකට තුන් මාසයක කාලයක් සඳහා වියළි ආහාර සළාක දෙනු ලැබේ.

ඉහළට

හදිසි අවස්ථාවලදී සහන
අවසන් යාවත්කාලීන කිරීම 2018 මාර්තු 27 වෙනි අඟහරුවාදා, 07:23  

නැවුම් පුවත්

බදුල්ල පූනාගල කබරගල කොටසේ 2023 මාර්තු මස 19 රාත්‍රියේ සිදුවූ නායයම් තත්ත්වය බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පනාගල කබරගල කොටසේ 2023 මාර්තු මස 19 රාත්‍රියේ සිදුවූ නායයම් තත්ත්වය නිසා පවුල් 70ක ... වැඩිදුර කියවීමට
Miss.B.Sheeba represented the 9th international conference on flood management in Japan "River Basin Disaster Resilience and Sustainability by all integrated flood Management in the post-Covid 19 Era" Miss.B.Sheeba represented the 9th int... වැඩිදුර කියවීමට